Monday, November 22, 2010

ෆැන්ටසි රජ වාසල


රජ වාසල වෙත යන්න
බසයක හිඳ ගතිමි
ටිකට්ටුවට ගෙවන්නට
සිඟා ගත් මුදලක් ද අතැතිව
බැලූ බැලූ දස අතම
එතුමා ගේ මුහුණම යි
යුව රජුන් පිරිවරා
එතුමා තේජසින්..
හැදෙන කැඩෙන හැම තැනම
එතුමාගේ මුළු නමයි..
රටේ නම වෙනුවට
ඒ නම හරි හොඳයි..

1 comment:

  1. සුබ ගමන්......
    මතක් උනොත් ඇවිත් යන්ඩ එන්ඩ.

    ReplyDelete