Friday, November 26, 2010

නිවුන්නු


යදිමින් සෙනෙහස
හඬන විට අප දෙදෙන
පැදුර මත මා තනිකොට
සොයුරු ලදි ඒ සෙනෙහස

එකම ළඳකට පෙම් බැඳි
ලදිමි ඵල
ගුණ වැලක් මා වෙත
සොයුරා ලබන තුරු ඒ ප්‍රේමය

කරුමය ද උරුමයද
ලෙස බෙදුණ්ය් ඒ රහස
පෙනුම මිස වෙනත් කිම..

Wednesday, November 24, 2010

මට එරෙහි වූ පන්සල

පෝෂණය කර හැදූ
ලස්සනට පිපී තිබුණ
මලේ සිට
ගෙදර හැදුන හොඳම දේ ත්
හැදුන සරු පළතුර ත්
පෙම් බැඳි කෙල්ල ත්
උදුරා ගත්
ඒ සුන්දර අසපුවට
කෙසේ මා ගෞරව කරන්නද?

Tuesday, November 23, 2010

මූසිල නැති දා..

බිහි උනොත් තව තවත්
මූසිල වැනි උන්
ගුත්තිලට සිදු වේවි
ඉගෙනුමට බොහෝ දේ..

XයසෝධරාX


කෙළෙසුන් සොයා යන
ඒ මතම පිනැවෙන
හැපෙමින් සිටින හෙට දින ගැන
කුමට මට යසෝධරාවක්..

ප්‍රතික්ශේපය..

උපන් දා සිට
ඔය චාටු බස් අසා
සහිත්‍යය ම මට තිත්තයි
මේ කියන්නේ ඇත්තමයි
කියන්න බිය නැතුව
අකමැතියි මා නුඹට
විරූපී ඔබ ගතට..

Monday, November 22, 2010

ෆැන්ටසි රජ වාසල


රජ වාසල වෙත යන්න
බසයක හිඳ ගතිමි
ටිකට්ටුවට ගෙවන්නට
සිඟා ගත් මුදලක් ද අතැතිව
බැලූ බැලූ දස අතම
එතුමා ගේ මුහුණම යි
යුව රජුන් පිරිවරා
එතුමා තේජසින්..
හැදෙන කැඩෙන හැම තැනම
එතුමාගේ මුළු නමයි..
රටේ නම වෙනුවට
ඒ නම හරි හොඳයි..

Sunday, November 21, 2010

හදවතකට ඇබෑර්තුවක් ඇත..


හදවතක් රෝපණය කරන්නට
එහා රටකින්
පිරිවරක් පෙරටු කොට
අයෙක් පැමිණෙතැයි සැකයෙන්
දොරගුළු ඇර
බලා හිඳිමි
අඩුම තරමින්
දකිනාටවත් හදවත..