Friday, November 26, 2010

නිවුන්නු


යදිමින් සෙනෙහස
හඬන විට අප දෙදෙන
පැදුර මත මා තනිකොට
සොයුරු ලදි ඒ සෙනෙහස

එකම ළඳකට පෙම් බැඳි
ලදිමි ඵල
ගුණ වැලක් මා වෙත
සොයුරා ලබන තුරු ඒ ප්‍රේමය

කරුමය ද උරුමයද
ලෙස බෙදුණ්ය් ඒ රහස
පෙනුම මිස වෙනත් කිම..

Wednesday, November 24, 2010

මට එරෙහි වූ පන්සල

පෝෂණය කර හැදූ
ලස්සනට පිපී තිබුණ
මලේ සිට
ගෙදර හැදුන හොඳම දේ ත්
හැදුන සරු පළතුර ත්
පෙම් බැඳි කෙල්ල ත්
උදුරා ගත්
ඒ සුන්දර අසපුවට
කෙසේ මා ගෞරව කරන්නද?

Tuesday, November 23, 2010

මූසිල නැති දා..

බිහි උනොත් තව තවත්
මූසිල වැනි උන්
ගුත්තිලට සිදු වේවි
ඉගෙනුමට බොහෝ දේ..

XයසෝධරාX


කෙළෙසුන් සොයා යන
ඒ මතම පිනැවෙන
හැපෙමින් සිටින හෙට දින ගැන
කුමට මට යසෝධරාවක්..

ප්‍රතික්ශේපය..

උපන් දා සිට
ඔය චාටු බස් අසා
සහිත්‍යය ම මට තිත්තයි
මේ කියන්නේ ඇත්තමයි
කියන්න බිය නැතුව
අකමැතියි මා නුඹට
විරූපී ඔබ ගතට..

Monday, November 22, 2010

ෆැන්ටසි රජ වාසල


රජ වාසල වෙත යන්න
බසයක හිඳ ගතිමි
ටිකට්ටුවට ගෙවන්නට
සිඟා ගත් මුදලක් ද අතැතිව
බැලූ බැලූ දස අතම
එතුමා ගේ මුහුණම යි
යුව රජුන් පිරිවරා
එතුමා තේජසින්..
හැදෙන කැඩෙන හැම තැනම
එතුමාගේ මුළු නමයි..
රටේ නම වෙනුවට
ඒ නම හරි හොඳයි..

Sunday, November 21, 2010

හදවතකට ඇබෑර්තුවක් ඇත..


හදවතක් රෝපණය කරන්නට
එහා රටකින්
පිරිවරක් පෙරටු කොට
අයෙක් පැමිණෙතැයි සැකයෙන්
දොරගුළු ඇර
බලා හිඳිමි
අඩුම තරමින්
දකිනාටවත් හදවත..

"ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම්" (පුවතක්)


ඔබ ලියූ පෙම් පත
රජ වාසලේ අවසරයෙන්
ලැබුණෙ මා අතටමයි
කියවන්නට කිසිවක්
ඉතුරු නොකරමි
තහනම් කර තිබුණි
නොහොබිනා වචන ගොඩ
ඉතුරු වූ එකම වචනය
අවසානයි...

රජතුමා..

අපට හිටියේ
කන්න දෙන රජෙකි
ඒ රජා දුටු ගමන්
දමයි ලා දසන් පෙළ
දස අතට
කවයි අපටම
අපේ ම මස්
හරි ප්‍රණීත ලෙස

Fantaසි


රජෙක් නොදැකම
මියෙන්නට සිටි මට
රජෙක් දැක
ඔහුගේ කේවට්ටයන් ද
විකටයන් ද
පරිවාරක අන්තඃපුරයන් ද
දැසි දස්සන් ද දැක
මියෙන්නට
වාසනාව ලැබී ඇත...

ලැජ්ජාව...

නිරුවත් වූ මුල් දිනේ
දැනුණි ලැජ්ජාවක්
දෙදින ද
තෙදින ද
ගෙවී ගොස්
ඉතුරු වූයේ
විළි ලැජ්ජාවක්
නොමැති කම...

ඉන්ටnet රැකියාවක්..


රැකියාවක්!!
"බිඳීම කන්‍යා භාවය"
ලෙහෙසි නැහැ ඒ වැඩෙත්
අවබෝධය,
ඉවසීම,
මෙකී නොකී බොහෝ දෑ
ප්‍රගුණ කළ යුතුව ඇත
ලබන්නට රැකියාව..

Saturday, November 20, 2010

මල් බඹර සංවාද

මලුත් බඹරුත්
කතාකරති
නොනවත්වාම
බොහෝ දේ
නොතකා ම
බිහිවූ බිම...

මම


තටු හැළෙන
බඹරකු බව දැන දැනත්
සිතයි බඹරකුම බව..

FAN tazy

දමා නො ආ
මතකයේ පෙට්ටගම
මතින් විත්
මා සනසා යන
දුටු දා යළිත් ඔබ
වෛරයක් බිහි විය
වර්තමානය පිළිබඳ...

fantaZY


පිරී ඇති ලඳුන් පීරමින්
සොයා ගතිමි ඉන් එකක්
රතියට සැරසුන මුත්
ඉඩක් නොමැත
පිරී ඇත වැසිකිලියම
දුගඳින්...

fAnTAsy

ස්තූතියි අල්ලට
නොමගට යන මට
සුමගට ගන්නට
දිවා රෑ නොබලා
විඳින දුක් දහරට..

Friday, November 19, 2010

පෙම


ළමැදට
කළවට
එකී නොකී පෙදෙසට
පෙම් කළ නිසා
දමා යා හැකිය ඔබ
හදවතට පෙම් නොකළ නිසා...

සැනසිල්ල


වෙරළ සනසා
ඇදෙන දිය රළ
කියයි සයුරට
ලබුණ නින්දා....